කරන්දෙණිය පී.එච්.අයි. ඝාතන පරීක්ෂණ අඩපණ වෙලා තියෙන්නේ ජනතාවට වස කවන   කොම්පැණි කාරයින්ගේ බලපෑමෙන් ද?… විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දි අසයි…

පසුගිය පෙබරවාරි මස 26 වැනිදා සිය නිවසේ දී නාඳුනන තුවක්කු කරුවෙක් විසින්  වෙඩි තබා ඝාතනය කරන ලද, ජනතාව වෙනුවෙන් නීතිය නිසි ලෙස මෙහෙයවමින්  අසීමිත වැඩ කොටසක් කළ  කරන්දෙණිය පරිපාලන  මහා ජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි රොෂාන් පුෂ්පකුමාර ඔහුගේ ඝාතනය සම්බන්ධව සිදුවන පරීක්ෂණවල ඇති කනගාටු දායක මන්දගාමී ස්වරූපය සම්බන්ධව අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කෙරුනේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතුකළ මෙම ප්‍රශ්නයට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ ද  කියා සිටියේ  පොලිසිය භාර ඇමතිවරයා මේ සම්බන්ධව නිශ්චිත පිළිතුරක් ලබා දිය යුතු බවය.

විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ ජනතාවට කුණු කෑම කැවීමට උත්සාහ කරමින් සිටි ප්‍රබල සමාගම් කීපයකට එරෙහි අධිකරණයේ නඩු පවරමින් ජනතාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සේවය කළ එම නිලධාරියාගේ මරණය සම්බන්ධව මේ වනතුරුත් නිසි හෝඩුවාවක් සොයා ගත නොහැකි වී ඇත්තේ මේ මිනීමරු සමාගම් මේ මරණය පසුපස සිටින නිසා දැයි සැකයක් ඇති වන බවය.

සාමාන්‍යයෙන් රට තුළ මිනී මැරුමක් සිදුවුවහොත් දින කීපයකින් මිනීමරුවන් හඳුනාගෙන පරීක්ෂණ දියත් කිරීමට තරම් ප්‍රබල ඉවක් සහ කාර්යක්ෂමතාවයක් සහිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් කිසි බලවේගයකින් නිහඬ කර ඇතැදැයි සිතීම සාධාරණ බවය.  මේ මරණය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම කඩිනම් කරන ලෙස විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේය.  මේ ආකාරයෙන් කරන්දෙණියේ දී ප්‍රසාද් ප්‍රියංකර ජයසිංහ වෛද්‍යවරයා ඝාතනය කළේ අඩු මුදලක් අය කර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම නිසා යැයි ද විපක්ෂ නායකවරයා කීවේය.


ඒ අවස්ථාවේ දී එම සිද්ධියටම තවත් යමක් එකතු කරමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා 2011.සැප්තැම්ර් මස 11 වැනිදා වෙඩි තබා ඝාතනය කළ කරන්දෙනියේ හිත හොඳ දොස්තර නමින් ප්‍රකට ප්‍රසාද් ප්‍රියංකර ජයසිංහ ගේ ඝාතනය ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඝාතනය ද අතර සම්බන්ධයක් දකින බවය.

ඔවුන් දෙදෙනා එක්ව යූ ටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මහා පරිමාන ආහාර ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශරීරයට විෂ සහිත රසායන ද්‍රව්‍ය යොදමින් ආහාර ද්‍රව්‍ය වර්ණ ගන්වන ආකාරය ඇතුළු ක්ෂේත්‍රයේ බිහිසුණු අපරාධ රැසක් හෙළි කළ බවත්  අද ඔවුන් දෙදෙනාම ඝාතනය කර  ඇති බවත්ය.

“මේ දෙපළම මරලා දානවා. අප දැන්වත් මේ මිනිස්සු ගැන කථා කළ යුතුයි. ඔවුන් ඝාතනය වන්නේ අපව බේරගන්න ගිහින්.  විස ආහාර ජාවාරමේ ඉන්න  මේ ජාවාරම් කාරියන් තමයි මේ  ඝාතනයන් කලේ.  අපි සැක කරන්නේ ඒක. “ විමල් වීරවංශ මන්ත්‍රීවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ඝාතනය සම්බන්ධව නිශ්චිත පරීක්ෂණ වහාම කඩිනම් කළ යුතු බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

Exit mobile version