කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

වතු කම්කරුවන්ගේ රුපියල් දහසක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිතිවල ඉල්ලිමක් මත පසුගිය මාසයේ වතුකරය පුරා පැවති හර්තාල් ව්‍යාපාරයේ දී මස්කෙලිය පොලිස් වසමට අයත් ඕල්ටන් වත්තේ වතු අධිකාරි සුභාෂ් නරායන්ට සහ සහකාර වතු අධිකාරි අනුෂාන් තිරුට වතු බංගලාවට ගොස් අමානුෂික ලෙස පහර දී බරපතල තුවාල කිරීමට එරෙහිව විරෝධය පාමින් ශ්‍රී ලංකා වතු අධිකාරීවරුන්ගේ සංගමය සහ වැවිලිකරුවන්ගේ සංගමය අද (03 ) හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ දී නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

වතු අධිකාරිවරුන්ට පහර දීම හෙළා දකිමින්, පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වතු අධිකාරිවරුන්ට වතු පාලනය කිරීමට ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට බල කරමින් මෙසේ විරෝධතා ව්‍යාපාරය දියත් වී තිබිණි.

වතු කම්කරුවෝ වතු අධිකාරීවරයෙකුට පහර දෙන අන්දම

නුවරඑලිය කඳපොල පාක් වත්තේ වතු අධිකාරිවරයාටත්, සහකාර වතු අධිකාරිවරයාටත්, බණ්ඩාරවෙල පුනාගල වතුයායේ වතු අධිකාරිවරයාටත් මෙවැනිම තර්ජනය ඇති වු බවත්, වතු පාලනය කරන වතු අධිකාරිවරුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර වතු කරයේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව වතු පාලනය කරගෙන යාමට වතු වෘත්තිය සමිති සහතිකයක් ලබාදිය යුතු බවත් විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරු කියා සිටියහ.


තේ වතුවල තුන්දහසක් හාරදහසක පමණ වතු කම්කරුවන් පිරිසක් පාලනය කරමින් මේ රටේ තේ ආර්ථිකයට විශාල දයකත්වයක් ලබාදිමට කටයුතු කරන වතු අධිකාරිවරුන්ට දේශාපලඥයන්ගෙන් සහ වතු කම්කරුවන්ගෙන් මෙවැනි බලපෑම් වීමෙන් සිදුවන්නේ තේ ආර්ථිකය කඩා වැටීමේ අවදානමකට ලක් වීම බව විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරු කීහ.

තේ වතු සමාගම් 23 කට අයත් වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගි වි සිටිහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී තුවාල සිදු කිරිමට සම්බන්ධ වතු කම්කරු කාන්තාවන් 07ක් සහ වතු කම්කරුවන් 03 මස්කෙලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව මස්කෙළිය පොලිසිය පවසා තිබිණි.


Exit mobile version