කප්පම් ඉල්ලුවෙ නෑ.. ඉල්ලුවෙ වැසිකිලි හදන්න ආධාර… රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කියයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් කිසිවෙකුගෙන් කප්පම් ඉල්ලා නොමැති බවත්, බොරළු කපන ව්‍යාපාරිකයන්ගෙන් තමන් ඉල්ලා සිටියේ ප්‍රදේශයේ වැසිකිලි නොමැති පවුල් සඳහා වැසිකිලි සදා දීමට අවශ්‍ය අධාර බවත් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍යයට පැවසුවේය.

නෙත් නිවුස් වෙත ප්‍රකාශක් කරමින් ඔහු කීවේ මම ලංකා පොදුජන පෙරමුණේ ආනමඩුව ආසනයෙ කැඳවුම්කරු ලෙස මෙන්ම පල්ලම සහ මහකුඹුක්කඩවල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන තමන් කප්පම් ඉල්ලන මට්ටමට වැටී නැති බවය.

“ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉන්නවා වැසිකිලි නැති 437 දෙනෙක්. මා ප්‍රාදේශීය ලේකම් තුමියට කිව්වා මගෙ අමාත්‍යාංශයෙන් සෑම පවුලකමට රුපියල් දස දහස බැගින් දෙන්නම්. සිමෙන්ති සමාගමට කතා කරලා එක් පවුලකට සිමෙන්ති කොට්ට 07ක් අරන් දෙන්නම්. “

“ඊට අමතරව එහෙ බොරළු කපන කට්ටිය ඉන්නවා. ඒ අය පිටින් මහකුඹුක්කඩවලට ඇවිත් බොරළු කපලා වළක් ඉතිරි කරලා යනවා. මා කිව්වා බොරළු කපන්න කාට හරි පර්මිට් දෙනවා නම් ඒ හැම කෙනෙකුටම කියන්න වැසිකිළි පෝචිච් දහයකුයි, වැසිකිළිය හදන්න අවශ්‍ය කම්බි කූරු විස්සකුයි පරිත්‍යාග කරලා බොරළු කපන්න කියලා. එහෙම නොවන කට්ටියට බොරළු පර්මිට් නිකුත් කරන්න එපා කියලා.“

“මෙය තමයි මේ අය කප්පම් කතාවක් විදිහට හදාගෙන ඉන්නේ.“ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.“

Exit mobile version