කපනවා…. නෑ…. කපනවා… නෑ…. කපනවා… අද හවස තීන්දුව කපන්නෙ නෑ!

විදුලි කප්පාදුවකින් තොරව ඉදිරි මාස තුන ගත කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද මාධ්‍ය හමුවක් පවත්වා කීවේය.

ඔහු කියන්නේ පසුගිය සෙනසුරාදා විදුලිබල මණ්ඩලය, ලෙකෝ ආයතනය, මහජන උපයොගීතා   කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් එක්ව ඇති වී තිබෙන අර්බුදය විග්‍රහ කරගත් බවය. එහිදී ඉදිරිපත් වුණු දත්ත ප්‍රකාරව විදුලි කප්පාදුවකින් තොරව ඉදිරි මාස තුන යා හැකි බව සන්තෝසයෙන් යුතුව දැනුම් දෙන්නේ යැයි සභාපතිවරයා කීවේය.

විදුලි කප්පාදුවක් සම්බන්ධව මූලික අදහස පැමිණියේ හෙට සිට ජල විදුලියෙන් නිශ්පාදනය කරන විදුලිය සියයට පනහකින් පමණ අඩු කිරීමට තීන්දු කිරීම නිසා බව සභාපතිවරයා කීවේය. දෙසැම්බර් 03 දා සිට ඊයේ වනතුරු ජලය දෙගුණය්‍කින් භාවිත කරමින්   විදුලිය නිශ්පාදන කළ බවත් ඉදිරි අප්‍රේල් තෙක් ජලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජල විදුලිය නිශ්පාදනය සියයට 50 තෙක් අඩු කළත් පුද්ගලික අංශය සතු විදුලි ජනක උපයෝගී කරගනිමින් ගිගාවොට් 300ක් ජාතික පද්ධතියට සම්බන්ධ කරගන්නා බවත් කී සභාපතිවරයා ඒ තීන්දුවත් සමගම ඉදිරියේ දී විදුලිය කප්පාදුවකින් තොරව යා හැකි බව කීවේය.


ඒ සමගම මහජනතාව වෙත විදුලිය සංරක්ෂණය කරගැනීම සඳහා  නිර්දේශයන් නිකුත් කර ඇති බව කී සභාපතිවරයා මහාපාරිමාණ විදුලි පරිභෝජකයන් දිනකට පැය 04ක් තමන්ගේ පුද්ගලික ජෙනරේටර් හරහා විදුලිය උත්පාදනය කරගත යුතු බවත්, මහල් නිවාස වැසියන් සවස 6 සිට රාත්‍රී 10 තෙක් ජාතික පද්ධතියෙන් තමන්ගේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්ම කිරීම තහනම් බවත්,  රාජ්‍ය ආයතනවලට, පලාත් පාලන ආයතනවලට, විදුලිය පරිහරණය සඳහා නිර්දේශ නිකුත් කර ඇති බවත් කීවේය.

පුද්ගලික බලාගාරවලින්  මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරනවා.  තාප විදුලි ජනක යන්ත්‍රවලින් නිශ්පාදනය කළහැකි මෙගාවොට් 1850ක් රට තුළ තිබෙනවා. ගෙවල්වල තියෙන සූර්ය විදුලි ජනකවලින්, සුළං විදුලි ජනකවලින් මෙගාවොට් 400ක් ජාතික පද්ධතියට ගන්න පුලුවන් නිසා දවල්ට ප්‍රශ්නයක් නෑ…  කොහොමත් කරන්ට් කපන්න නැතිව යන්න පුලුවන්…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සභාපතිවරයාගේ අවසන් නිගමනය එසේය.

 

Exit mobile version