කන්තලේ පොලිසියේ සාදයට ගිය බීමත් පොලිස් පිරිසක් අනතුරට… එස් අයි කෙනෙක් මරුට!

තවත් පොලිසියේ දෙදෙනෙකුට තුවාලයි...

කන්තලේ මූලස්ථාන පොලිස් පරිශ්‍රයේ පැවැති සාදයකින් පසුව එහි සිට මෝටර් රථයකින් ගමන් කළ පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් මෝටර් රථයක් කන්තලේ දුම්රිය ගේට්ටුව අසල දී අනතුරට ලක් වීමෙන් උප පොලිස්  පරීක්ෂකවරයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම අනතුරින් තවත් නිලධාරීන් දෙදෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අද (12) අලුයම මෙම අනතුර සිදුවන විට එහි ගමන් කළ නිලධාරීන් බීමත්ව සිටි ඇති බව වාර්තා වේ.


කන්තලේ මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ‍ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහකාර පොලිස් අධිකාරී තතනතුරට උසස් කිරීමේ ප්‍රීතිය නිමි‍ත්තෙන් ඊයේ සවස් යාමයේ එම පොලිසියට  අනුයුක්ත පොලිස් පරීක්ෂකවරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන්ගේ අනුග්‍රහයෙන් සාදයක් සංවිධානය කර තිබේ. එය ‍කන්තලේ පොලිස් මුලස්ථාන පරිශ්‍රයේදිම පවත්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සාදය අවසානයේ නිලධාරීන් පිරිසක් ගමන් කරමින් සිටි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version