කථානායකත් නිවාස අඩස්සියට ගන්නවා – හරීන් කියයි

Harin Fernando

පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේ යෙදී සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමේ අවස්ථාව පාලනය කිරීමට පියවර නොගන්නේ නම් කථානායකවරයා නිවාස අඩස්සියට ගෙන පාර්ලිමෙන්තුව තුළ රඳවා තබා ගන්නා බවට සමගි ජනබලවේග පාර්ලිමේන්තු මනත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

අද සවස පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ උද්ඝෝෂණයේ වෙදී සිටි ශිෂ්‍යයන්ට පුහාර එල්ල කිරීමත් සමඟ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවේ කලබලකාරී ලෙස හැසිරුණු අතර එඑම අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ මේ භයානක තත්ත්වය පාලනය කර නොගන්නේ මෙම සිසුන් පාර්ලිමේන්තුව තුළට වද්දා ගැනීමට කටයුතු කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පුහාරය එල්ල කරන අවස්ථාවේදී තාරක බාලසූරිය අමාත්‍යවරයා අදහස් දක්වමින් සිටි අතර එයට බාධා කරමින් නැගී සිටි බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා වහාම කථානායකවරයා සභාවට කැඳවන ලෙස දැඩි උද්වේගකාරී ආකාරයෙන් ප්‍රකාහ කර සිටියේ සිය ජංගම දුරකථනයෙන් පාර්ලිමෙනතුවෙන් පිටත පුහාරය සජීවීව විකාශය වන දර්ශන පෙන්වමිනි. මෙහිදී ජේසී අලවතුවල මන්ත්‍රීවරයාද වහාම කථානායකවරයා කැඳවන ලෙස ප්‍රකාශ කර සිටි අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත සභාව විනාඩි 10කට කල් තැබීමට මුලසුනේ සිටි හේෂා විතානගෙ මන්ත්‍රිවරයා කටයුතු කළේය.


Exit mobile version