කණ්ඩායම් දෙකක්, ඉන්දියාවේ වෙබ් අඩවි 2000ක් හැක් කරයි

hacker

අහමෙදාබාද්වල සයිබර් පොලීසියේ නියෝජ්‍ය පොලිස් අධිකාරී අමිත් වාධ්වා ඉන්දුනීසියානු හා මැලේසියානු රජයන්වලටත්, ජාත්‍යන්තර අපරාධ පොලිස් සංවිධානයටත් (ඉන්ටර්පෝල්) ලිපි යොමු කරමින් පවසා ඇත්තේ ඉන්දියාවේ වෙබ් අඩවි 2000ක් හැක් කිරීමට සයිබර් කණ්ඩායම් දෙකක් වග කිව යුතු බවයි.

‘ඩ්‍රැගන්ෆෝස් මැලේසියා’ හා හැක්ටිවිස්ට් ඉන්දුනීසියා’ එම සයිබර් කණ්ඩායම් දෙක ලෙස හඳුනාගෙන ඇති අතර මේ වසරේ ජූනි- ජූලි කාලය අතරතුර වෙබ් අඩවි 2000ක් හැක් කර තිබේ. මෙය මෑත ඉතිහායේ ඉන්දියාවේ සිදු වූ වඩාත් බරපතල සයිබර් ප්‍රහාරය ලෙස හඳුන්වයි.

ඔවුන් ඉන්දියාවේ වෙබ් අඩවි හැක් කරමින් ජාලයන් අවුල් කදමා සංවේදී දත්ත ප්‍රසිද්ධ කළහ. ඒ අතර දේශපාලඥයින්ගේ තොරතුරු සේම විවිධ තොරතුරු තිබිණි.


නිර්ණාමික ‘ඩ්‍රැගන්ෆෝස් මැලේසියා’ දේශපාලනමය අරමුණු සහිත සයිබර් කණ්ඩායමක් වේ. දහසකට අධික ජනතාවක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය සේවාවන් හා වෙබ් අඩවි නැරඹීමට පෙළඹී සිටින අතර මින් පෙර මැදපෙරදිග හා ආසියාවේ රාජ්‍ය හා වෙනත් සංවිධානවල වෙබ් අඩවිවලට ද ඔවුන් සයිබර් ප්‍රහාර එල්ල කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවේ සයිබර් පොලීසිය මේ හැකර්වරු සම්බන්දයෙන් මේ වන විට විශේෂ අවධානයක් යොමු කර තිබේ.

Exit mobile version