කඩු 6000 ක් ගෙන්වූ ආකාරය හොයන්න විශේෂ සී.අයි.ඩී. කණ්ඩායම් 02ක්..   

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සිද්ධවෙන අවධියේ ලංකාවට කඩු 6000ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (31) අභියාචනාධිකරණයට  පැවසුවේය.

මෙම කඩු 6000  ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් උතුමාණන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම  සම්බන්ධ විභාගයේ දී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ ආචාර්ය අවන්ත පෙරේරා අධිකරණයට මේ බව ප්‍රකාශ කළේය.  ඔහු වැඩිදුරටත් සඳහන් කළේ  පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ උපදෙස් පරිදි මෙම රහස් පොලිස් කණ්ඩායම් දෙක  පත්කර ඇති බවය.

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවන්වන අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කුරේ ඇතුළත් විනිසුරු මඩුල්ල  විසින්  පෙත්සම් විභාගය මැයි 06 දක්වා කල් තැබීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙත්සම විභාග කිරීම එම දිනයේ දී සිදුකරනවා ද නැද්ද යන්න අධිකරණයට දන්වන ලෙස විනිසුරු මඬුල්ල ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධනට දැන්වූයේය.

Exit mobile version