කඩු කල්ලි වව්නියාවේත් වැඩ අරඹයි…

දිනසේන රතුගමගේ –

යාපනයේ ක්‍රියාත්මක කඩු කල්ලියට සමාන අන්දමට ක්‍රියාත්මක  වූ කඩු කල්ලියක් වවුනියාව මහරම්බකුලම ගම්මානයේ නිවසකට පැන ඊයේ (14) රාත්‍රී කාන්තාවක් ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකුව කපා කොටා තුවාල සිදු කොට තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පස් දෙනාම වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.

කඩු රැගෙන නිවසට පැමිණි පිරිස නිවසේ සිටි උදවියට කඩු වලින් පහර දී තුවාල සිදු කොට ආපසු යන අතර තුර නිවසේ නතර කොට තිබූ යතුරු පැදියකටද හානි කොට තිබේ.


මේ පිළිබදව වවුනියාව පොලීසියට තොරතුරු ලැබීමත් සමගම පොලීසිය එම ස්ථානයට ගොස් පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතිරි පිරිස පොලීසිය පැමිණීමත් සමගම පලා ගොස් ඇති අතර වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version