කඩා වැටුණු නුවර නිවසේ සුන්බුන් ඉවත් කිරීමටත් ලක්ෂ 28ක වියදමක්

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩ වැටුණු පස් මහල් ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එහි සුන්බුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම අතවශ්‍ය බවත් ඒවා ඉවත් කිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 28 ක් වැයවන බව දැනට ලැබී ඇති ඇස්තමෙන්තු සහ මිල ගණන් වලින් පෙනී යන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මහතා මෙම මස 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බැවින් මෙම සුන්බුන් ඉවත් කිරීම රජයේ මැදිහත් වීමෙන් කරන්නට සිදුව තිබෙන බවත් මහ භාණ්ඩාගරයෙන් හෝ මෙම මුදල ලබා ගැනීමට සාකච්ඡා කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය

Exit mobile version