කඩාවැටුණු සුළු-මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට 4% පොලියට ණය පහසුකම්…

කොරෝනා වසංගත තත්ත්වයත් සමග කඩාවැටුන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම් සඳහා 4% ක පොළී පදනම යටතේ ණය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ සඳහා රුපියල් බිලියන එකසිය 150ක් වෙන් කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.

මෙම සහන ණය ප්‍රමාදයකින් තොරව ලබා දීමට පියවර ගන්නා ලෙස සියලුම රාජ්‍ය බැංකු වෙත දැනුම් දී තිබෙන බවත් පසුගිය රජය යටතේ බැංකු ණය ලබා ගැනීමේදී ජනතාවට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වූ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.


මෙම ණය ක්‍රමය යටතේ සංචාරක ව්‍යාපාරය, ඇඟලුම් කර්මාන්ත ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ලට පහසුවෙන් ණය ලබාගත හැකි බවත් ඒ අනුව එම ආයතනයේ සේවයේ නියුතු සේවකයන්ගේ වැටුප් අඩු කිරීමට හෝ වෙනත් ගෙවීම් කපා හැරීමට හෝ සේවකයින්ට රැකියා අහිමි කිරීමට හෝ සිදු නොවනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.

කොරෝනා වෛරසයට ව්‍යාප්ත වීමත් සමඟ කඩා වැටීමකට ලක් වූ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම්ට පියවර ගෙන තිබෙන බවත් එහි එක් පියවරක් ලෙස මෙම සහන ණය ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

මෙරට පවතින විදුලි බිල අර්බුදයට පිළියමක් ලෙස මෙගා වොට් 300 කින් යුත් ගල් අඟුරු විදුලි බලාගාරයයක් පුත්තලම ප්‍රදේශයේ ඉදිකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ගතවූ වසර පහක කාලය තුළ විදුලි බලාගාරයක් ඉදිනොවූ බැවින් විදුලිබල අර්බුදයට මුහුණදීම සඳහා විදුලි ඉන්ජිනේරුවන් ඇතුළු අදාළ අංශ දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන බවත් ඒ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ඉහත විදුලි විදුලි බලාගාරය කඩිනමින් ඉදිකිරීමට සැලසුම් කළ බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර රාජ්‍ය ආයතන, රෝහල්, විශ්ව විශ්වවිද්‍යාල, පාසල් ආරක්ෂක ස්ථානවලට විදුලිය ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරමින් solar විදුලි බලාගාර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයයේ අනුමැතිය හිමිව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට මුහුණ පා ඇති ආර්ථික අභියෝග හමුවේ පසුගියදා රජය මහ බැංකුව හරහා මුදල් අච්චු ගැසීම්ක් සිදු කර තිබෙන බව ගෙන යන ප්‍රචාරයේ සත්‍ය අසත්‍ය බව කුමක්ද කියා ප්‍රකාශ කළ හැකිදැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ එලෙස වත්මන් මුදල් ඇමතිවරයාගේ හෝ මහ බැංකු අධිපතිවරයාගේ අත්සන යොදා අච්චු ගසා තිබෙන එක මුදල් නෝට්ටුවක් හැකිනම් පෙන්වන ලෙස අභියෝග කරන බවයි

Exit mobile version