“කටුපොල් තෙල් ආනයනයත් වහාම නවතන්න”

GMOA ජනපතිගෙන් ඉල්ලයි

මෙරට කටුපොල් වගාව තහනම් කිරීමට රජය පියවර ගත්තා සේම කටුපොල් තෙල් ආනයනය තහනම් කිරීමට ද පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ රාජාසන කතාව සිදු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කටුපොල් වගාව මුළුමනින්ම තහනම් කරන බවට කරන ලද ප්‍රකාශය ඉතා දූරදර්ශී තීරණයක ප්‍රතිඵලයක් බවත් එය අගය කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

තවදුරටත් ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරමින් කටු පොල් තෙල් ආනයනය තහනම් කිරීම මඟින් පොල් තෙල් කර්මාන්ත ශක්තිමත් කිරීමට හා සෞඛ්‍යයට හිතකර පොල්තෙල් ජනතාවට පරිභෝජනයට යොමු කිරීමට හැකිවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරයයි.


ජනාධිපතිවරයා සුරක්ෂිත ආහාර රටාවක් තහවුරු කිරීමේ එක්ක ධනාත්මක වැඩසටහනක් ලෙස අර්ථ දක්වන එම සංගමය තවදුරටත් රක්ෂිත ආහාර රටාවක් තහවුරු කිරීමට මෙහි ඉදිරි පියවර ලෙස කටු පොල් තෙල් ආනයනය තහනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී කටු පොල් තෙල් පරිදි වූ පරිභෝජනය නිසා සෞඛ්‍යයට සිදුවන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වගකීමක් බවත් එමඟින් කටු පොල් තෙල් ආනයනය කිරීම තහනම් කිරීමට අදාල නීති සම්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණික අධ්‍යයන සඳහා විශේෂඥ කමිටුවක් පිහිටු වීම ඉතාමත් කාලෝචිත බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Exit mobile version