කටුනායක බලධාරීන්ගේ නොදැනුවත් බව නිසා ඇමෙරිකාවෙන් පැමිණි තානාපති නිලධාරියා ආන්දෝලනයක් මවයි…

විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පැමිණීමේදී  අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳව ගුවන් තොටුපළ බලධාරීන්ට සහ කටුනායක ගුවන් තොටුපළේ සේවයේ යෙදුණු සෞඛ්‍ය බලාධාරීන්ට නිසි අවබෝධයක් නොතිබු නිසා අද පෙරවරුවේ පැමිණි ඇමෙරිකානු  රාජ්‍ය තාන්ත්‍රක නිලධාරියකු සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. අද අළුයම පැමිණි 2.00ට පමණ කටාර් හි සිට පැමිණ ඇති මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා රටට ඇතුළු වීමට පෙර පී.සීආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය අනුව ඔහු සම්බන්ධටයෙන් කටයුතු කරන ලෙසය.

ශ්‍රි ලංකාවට මුල් වරට

එසේ වුවද ඒ වන විට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන්ටත් සෞඛ්‍ය බලධාරීන්ටත් ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ නිසා අදාළ අංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කොට අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් ඔහුට රැඳී සිටින්නට සිදුව ඇත. ඔහු තමන් තානාපති නිලධාරියකු බැවින් ඔහුට වෙනම ක්‍රියාවලියක් පවතින බවට අඩංගු වාර්තාවක් ගුවන් තොටුපලේ ඒ මොහොතේ රැඳී සිටින බලධාරීන් වෙත ඉදිරිපත් කළද ඒ අවස්ථාවේ ගුවන් තොටුපළ බලධාරීන් පවසා ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ බව නිසි ලෙස තේරුම්  බේරුම් කිරීම සඳහා ඔහුට උදේ වන තෙක් රැඳී සිටින ලෙසය. කෙසේ වුවද මේ අත‍රේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි ඇතුළු නිලධාරීන් කොවිඩ් 19 කාර්ය සාධක බලකාය, ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය විදේශ අමාත්‍යංශය මෙන්ම ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් අතර කටයුතු සම්බන්ධීකරණයෙන් පසුව එදින පෙරවරුවේ ඔහු ඇමෙරිකානු තානාපති නිලධාරීන් කිහිප දෙනකු සමඟ පිටත් කර ඇත.


රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සම්බන්ධ වියානා සම්මුතියට අනුව අනුගමනය කරන ක්‍රමවේදවලට අනුගතව මෙම තානාපති නිලධාරියා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 පාලන නීති රෙගුලාසිවලට සහ යටත්ව නිරෝධායන පිළිවෙත් වලට යටත්ව සිටින බව ඇමෙරිකානු තානාපති කාර්යාල ප්‍රකාශිකා නැන්සි වැන්හොර්න් ප්‍රකාශ කළාය. ඇය පවසන්නේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සමඟ නිල වශයෙන් සියලු තොරතුරු සම්බන්ධීකරණය කෙරෙන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙදෙස් වුද කටුනායක ගුවන් කොටුපළ බලදාරීන් මෙනම් එම ස්ථානයේ සේවයට සම්බපන්ධ සෞඛ්‍ය බලදාරීන් ට ඒ නිලධාරියා පැමිණෙන් තෙක් විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලදාරියකු පැමිණියහොත් අනුගමනය කළ යුතු පියවර පිළිබඳව නිසා දැනුවත්වීමක් නොතිබූ බව ගුවන් කොටුපළ නිලධාරිවෙයක් ලංකාසර ට පැවසීය.

Exit mobile version