කටාර්වලින් ගෙනා කුරුල්ලන් 20ක් හොරෙන් පැන්නූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට…

කීර්ති ප්‍රනාන්දු –

කටාර් රාජ්‍යයේ සිට නීති විරෝධී ලෙස කුරුල්ලන් 20 දෙනෙක් රට ඇතුළට රැගෙන පැමිණි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගැනීමට බොරලැස්ගමුව පොලිසිය කටයුතු කළේය.

මෙම ව්‍යාපාරිකයා පසුගිය 07 වැනිදා සුරතලයට ඇති කරන කුරුල්ලන් 62ක් කටාර් රාජ්‍යයේ සිට ලංකාවට රැගෙන විත් තිබේ. පිටරටකින් ලංකාවට රැගෙන එන සතුන් පිළිබඳ ක්‍රියාත්මක නෛතික පිළිවෙතට අනුව කුරුල්ලන් 42ක් නිරෝධායනයට ලක් කර ඉතිරි කුරුල්ලන් 20 කෙළින්ම සිය ව්‍යාපාරික ස්ථානයට රැගෙන යන්නට මෙම ව්‍යාපාරිකයා කටයුතු කර ඇති බව පසුව කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට පත් පුද්ගලයා 1992/54 සත්ව රෝග ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 

Exit mobile version