කටානේ නිරෝධායනය කළ 40ක් ජීවත්වන නිවාස 12ක් ජලයෙන් යට වේ…

කීර්ති ප්‍රනාන්දු-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කටාන කොට්ඨාසයේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් ජීවත්වන නිවාස 12ක් ජලයෙන් යටවීම නිසා එම පුද්ගලයන් මෙන්ම සෞඛ්‍ය අංශ ද දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මෙම පවුල්වල පුද්ගලයින් 40ක් නිරෝධායනයට ලක් කර සිටි බව සෞඛ්‍ය අංශ පවසයි.
කටාන, කටියල, කොන්දගම්මුල්ල, ජෙනිටස්පුරය,අක්කර පහ, සහ ඉද්දගොඩැල්ල ප්‍රදේශවල මෙම පවුල් ජීවත් වෙමින් ඇත. මෙම පුද්ගලයන් ජීවත්වන නිවාස තුළට අඩියකටත් වඩා උසට ජලය ගලා ඇතැයි වාර්තා වේ

එම නිවාස තුළ නිරෝධායනය වන පුද්ගලයන්ව හෙට දිනයේ දී ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි සෞඛ්‍ය අංශ ලංකාසරට පැවසීය.

Exit mobile version