කටගොන්නක් බී ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියක ගොස් අනතුරට ලක් වෙලා…

රක්ෂණ ශ්‍රියන්ත –

කටගොන්නක් බීගෙන යතුරු පැදියක ගමන් කිරීමෙන් අනතුරට ලක් වූ  කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනකු   නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම බීමත් පොලිස් නිලධාරීන්ට යතුරු පැදිය පාලනය කරගත නොහැකිව ගල්කැටියාව පලාතොට ප්‍රදේශයේදී    පාර අයිනේ  කාණුවක වැටීම හේතුවෙන් පෙරේදා (14)  මෙම  අනතුර සිද්ධවී ඇතැයි වාර්තා වේ.

මෙම නිලධාරීන් දෙදෙනාම මත්පැන් පානය කර සිට ඇති බවත් යතුරුපැදිය හිමි, යතුරුපැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා තනිකඩ භට නිවාසයෙන් රාත්‍රී කාලයේ අනවසරයෙන් පිටව ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවත් හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කළුතර දකුණ පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ( දිනමිණ)


 

Exit mobile version