කච්චතිව් මංගල්ලය අත්හිටුවයි… කච්චතිව් දූපත බැතිමතුන්ට තහනම්….

දිනසේන රතුගමගේ –

මේ මස 26 හා 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කොට තිබූ කච්චතීව් වාර්ෂික මංගල්ලය අවලංගු කිරීමටත් ඒ දිනවලදි කිසිම බැතිමතෙකුට එහි යාමට අවසර ලබා නොදීමටත් යාපනයේ කිතුණු සභාව හා ආරක්ෂක නිලධාරීන් තීරණය කොට තිබේ.

යාපනයේ කිතුණු පූජකවරු කීප දෙනෙකු පමණක් නියමිත දිනයේදී විශේෂ දේව මෙහෙයක් කච්චතීව් දූපතේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ දේවස්ථනයේදී සිදු කරනු ලබයි. 

ඉන්දියානු බැතිමතුන් හා ශ්‍රී ලාංකික බැතිමතුන් මේ කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දෙව්මැදුරට වසරකට දින දෙකක් එකතු වී වාර්ෂික මංගල්ලය පවත්වනු ලබයි.


කොරෝනා වසංගතය නිසා මෙවර මංගල්ලයට බැතිමතුන්ට සහභාගී වීමට අවසර ලබා නොදෙන අතර නාවික හමුදාව බැතිමතුන් සදහා පහසුකම් පිළියෙළ කිරීමක්ද නොකරනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය බැතිමතුන්ටද  මෙවර කච්චතීව් දූපතේ වාර්ෂික මංගල්ලය නොපැවැත්වෙන බැවින් එහි නොපැමිණෙන  ලෙස දැණුම් දී තිබේ.

Exit mobile version