කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන ඉන්දියාවට පනී !  ඉන්දිය බුද්ධි අංශ සීරුවෙන්

මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් මොහොමඩ ඉම්රාන් පසුගියදා ඇප මත නිදහස් වීමෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවට පළා ගොස්  ඇති බව  ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ද හින්දු පුවත් පත වාර්තා කරන්නේ මේ පිළිබඳ ව තමිල්නාඩු පොලිසියට ලද තොරතුරක් මත ඔහු සැඟවී සිටින ස්ථානයක් සොයා මේ වනවිට දකුණු ඉන්දියාවේ මුහුදු ආශ්‍රිත නගර ඉලක්ක කරගෙන විශේෂ මෙහෙයුමක්  දියත් කර ඇති බවය.

පසුගිය දෙසැම්බර් 25 වැනිදා කංජිපානි ඉම්රාන් සිය ගෝලයකුද සමඟ රාමනාදපුම් ප්‍රදේශයෙන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව ට ඇතුළු වී ඇති බවට වාර්තා වන අතර එම ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම සෙවීම් ක්‍රියාත්මක වන බව තමිල්නාඩු පොලිසිය උපුටා දක්වන ද හින්දු වාර්තා කරයි.

2019 වසරේදී කුප්‍රකට පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් කංජිපානි ඉම්රාන් ශ්‍රි ලංකාවට ගෙන ඒමෙන් පසු වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වන විමර්ශණවලට අදාළවය.කෙසේ වුවද පසුගියදා නිදහස් වූ කංජිපානි වෙස් වළාගෙන උසාවි බිමෙන් පිටතට ගිය බවට වාර්තා පළ වූ අතර ඔහු තලෙයිමන්නාරමට ගොස් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.


ඉන්දීය බුද්ධි අංශවලට ලද විශ්වාස කටයුතු තොරතුරුවලින් මේ බව තහවුරු වී ඇති අතර ඉන්දියාව මෙම පුද්ගලයා පිළිබඳව දැඩි අවධානයක් දක්වන්නේ ඔහු කලාපීය මත්ද්‍රව්‍ය ජාරවාරම් ජලයේ ප්‍රධාන සමාජිකයකු ලෙස හඳුනාගෙන තිබීමය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ කංජිපානි ඉම්රාන් පකිස්තානයේ සහ ඇෆ්ගනිස්ථානයේ හෙරොයින් සහ කොකේන් ජාවාරම් ජාලය සමඟ මීප සම්බන්ධතාවක් තිබෙන මත් ජාවාරම් ප්‍රධානියෙක්. ඔහු ගේ කණ්ඩායම් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ ජාවාරමට දැනටමත් සක්‍රිය ව සම්බන්ධ වී සිටින බවට තොරතුරු ලැබී තිනෙවා. ඔහු ඉන්දියාවට පනිනු ඇති බවට තොරතුරු ලැබී තිබුණා. මේ වනවිට ඔහු සැගවී සිටිය හැකි යි සැක කරන පුදේශවල බුද්ධි මෙහෙයුම් තර කිරීමට සහ ඔහු පිළිබඳව හෝඩුවාවක් ලබා ගැනීමට අවශය දැනුවත්කිරීම් පොලිස් ප්‍රධානීන් වෙත සිදු කර තිබෙනවා “ යයි එරට බුද්ධි නිලධාරියකු ද හින්දු වෙත පවසා ඇත.

Exit mobile version