ඖෂධ සමාගම්වලට ගැති විශේෂඥ වෛද්‍යරු නිසා ඖෂධ හිඟය වැඩි වෙලා  – ලේකම් කියයි!

රටපුරා ඖෂධ හිඟයක් ඇතිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඖෂධ සමාගම්වලින් විවිධ වරප්‍රසාද ලබා ගැනීමට ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් පෙළඹීම බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියමන රාජ්‍ය අමාත්‍යංශයේ  ලේකම් වෛද්‍ය සමන් රත්නායක  සඳහන් කරයි.

ඇතැම් ඖෂධ සමාගම්වලින් වෛද්‍යවරුන්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාටම වරප්‍රසාදයන් හා විදේශ සංචාරයන් හිමිවන බවද හෙතෙම පෙන්වාදේ.

වරප්‍රසාද ලබා ගන්නා  ඖෂධ සමාගම්වල නිෂ්පාදනය කරන ඖෂධ පමණක් රෝගීන් සඳහා නිර්දේශ කිරීමට මෙම වෛද්‍යවරුන් පෙළඹී ඇති නමුත් මේ වන විට රටපුරා පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි වීම ඖෂධ හිඟවීමට හේතුවක් යැයි ඔහු පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් එම සමාගම්වල නිෂ්පාදනය කරන ඖෂධ වෙනත් සමාගම්වල නිෂ්පාදනය කරන නමුත් ඒවා රෝගීන් සඳහා නිර්දේශ කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් පෙළඹී නොමැති බවද ලේකම්වරයා පෙන්වාදේ.

Exit mobile version