ඕස්ට්‍රේලියානු අගමැති අතින්ම හැදුණු ලංකාවේ කෑම වේල

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අද රාත්‍රි සිය නිවසේ ආහාර වේල විදියට සකසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රමයට සකසන ලද මෙරට ජනප්‍රිය ආහාර වේලකි.

ඒ ගෝදම්බා රොටි සහ බැටලු මස් බැදුමයි.

ඔහු පවසන්නේ සෙනසුරාදා රාත්‍රිය ව්‍යංජන රාත්‍රියක් වී ඇති බවත් ඉතා රසවත් එම ආහාර වේලට සිය බිරිඳ හා දරුවන් ද ඉතාම කැමති බවයි.


මේ වනවිට ඇතැම් ඕස්ට්‍රේලියානුවන් ගත කරන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ලොක්ඩවුන් කාලසීමාවකි.

අගමැතිවරයා තම රටේ ජනතාවටත් ඇරයුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රසට මේ ආහාරවේල රස බලන ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත දැක්වෙන්නේ ස්කොට් මොරිසන් විසින් සකස් කරන ලද ලංකාවේ රසට සැකසූ රාත්‍රි ආහාර වේලයි.

Exit mobile version