ඕමාන තානාපති කාර්යාලයේ කුප්‍රකට කුෂාන් මෙරට පැමිණි සැනින් අත්අඩංගුවට ගන්නවා – ඇමති මනූෂ! 

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  සේවය කරමින්  එරටට ගිය කාන්තාවන්ට අයුතු බලපෑම් කිරීම සහ කාන්තාවන් විකිණීමට සම්බන්ධ බවට චෝදනාවට ලක්ව සිටින විදේශ සේවා නියුක්ති කාර්යංශයට සම්බන්ද කුෂාන් නැමති නිලධාරියා ගේ සේවය මේ වනවිට තහනම් කොට ඇති බවත් ඔහු වහාම ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින අතර මෙරටට පැමිණි වහා ඔහු අත්අඩංගුවට ගනු ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය මනූෂ නානායක්කාර   අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඕමානය ඇතුළු රටවලට ගිය ශ්‍රි ලාංකික  කාන්තාවන් සම්බන්ධයෙන් මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමෙන්තුවට  ප්‍රකාශයක් කරන අතරතුර අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි විසින් නගන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර ඇමතිවරයා සඳහන් කළේ මෙම නිලධාරියා සම්බන්ධනේ තවමත් පවතින්නේ චෝදනාවක් පමණක් බවත් ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කොට මෙරටට පමිණි පසු අත්ඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව  විමර්ශන සිදු කරන බවත් ය.

තවදුරටත් අදහස් දක්වමින් කම්කරු සහ විදේශ සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේ ඕමානය ඇතුළු රටවල නියමිත ක්‍රමවේදයට අනුව සංචාරක වීසා හරහා රැකියාවලට ගොස් සිටින කාන්තාවන් විශාල ගණනක් ද එහිදී විවිධ ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවය.


ඔවුන්ගේන් බොහෝ පිරිසක් මේ වනවිට මෙටට ගෙන්වීමට හැකියාව ලැබුණ නමුත් සංචාරක වීසා මත ගිය කාන්තාවන් තවමත් එහි සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම තත්ත්වය පාලනය කිරීමට අදාලව ගෙන ඇති පියවර පිළිබඳවද පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිද ඔහු තවදුරටත් සඳහන් කලේ මාධ්‍ය මගින්   මෙම අර්බුදය පිලබිඳව ප්‍රචාරය වන්නට කලින් විදේශ සේවා නියුක්ති කාර්යංශය ඊට අදාල පියවර ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර විමර්ශනයට  ඕමානය බලා ගියේ ඒ අනුව බවත් සඳහන් කලේය.

Exit mobile version