ඔළුවක් තියනවා නම් මේ කුරුඳු දුම්වැටිය පාවිච්චි කරනවා තබා හිතන්නවත් එපා…

මේ රඟපෑම මිනිස්සු මරණය කරා ගෙනියනවා...  මහනුවර  මහරෝහලේ විශේෂඥ ශ්වසන වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර

පිරිසිදු වාතය හා සුළඟ හැර වෙන කිසිම වායුවක් පෙනහළුවලට නුසුදුසු බවත්,  ධූමයක් ලෙස සකසා ඇති මෙම කුරුඳු දුම්වැටිය අතිශයින්ම විෂ සහිත සහ අහිතකර බවත්, විචාර බුද්ධියක් සහිත කිසිම පුද්ගලයෙක් මේ දුම්වැටි භාවිත කිරීමෙන් වලකින ලෙස තමන් ඉල්ලා සිටින බවත් මහනුවර  මහරෝහලේ විශේෂඥ ශ්වසන වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර ලංකාසරට පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කර්මාන්ත ඇමති විමල් වීරවංශ විසින් ප්‍රචාරණයේ යෙදෙන කුරුඳු දුම්වැටියේ සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධව ලංකාසර ඔහුගෙන් කළ විමසීමකදීය.  එහිදී  විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ අවබෝධයකින් තොරව, වගකීම් රහිතව කරන මේ රංගනයේ අවසන් ප්‍රතිඵලය තවදුරටත් මිනිසුන් මරණය කරා රැගෙන යෑම බවය.

මහනුවර මහ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙරද

විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර කුරුඳු දුම්වැටිය සම්බන්ධව  සිය පැහැදිලිකිරීම කළේ මෙසේය.


“පිරිසිදු වාතය සහ හුළඟ හැර වෙනත් කිසිම දෙයක් පෙනහළුවලට සුදුසු නෑ.  කුරුඳු ඉතාම  සැර දෙයක්. එය පෙනහළුවලට ඉතාම නරකයි.  හපලා කන විට  දිව දන කුරුඳු කියන මේ දේශීය රසායනික ඖෂධය   පෙනහළුවලට ගිය පසු කෙටි කාලයකින් කැස්ස  ඇති වෙනවා. පෙනහළු අසාදිත තත්වයන් ඇති වෙනවා. ඇදුම හැදෙනවා. දරුණු පෙනහළු රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා.

ඒ නිසා ධූමයක් ලෙස සකසා තිබෙන කුරුඳු දුම්වැටිය ඉතාම අහිතකරයි හා නුසුදුසුයි.  හොඳින් යමක් අවබෝධ කරගන්න පුලුවන් කිසිම කෙනෙක් මෙය භාවිතා කරන්න එපා. ඉන් තමන්ගේ සිරුරට සිදුවන්නේ නොහිතන තරමේ හානියක්.

දැන් කවුරුහරි ප්‍රශ්න කරයි  ඉන්හෙලර් එකක් මගින් පෙනහළුවලට බෙහෙත් යවන එක හොඳ වෙන්නෙ කොහොමද  කියලා.  අප පෙනහළුවලට බෙහෙතක් යවන්නෙ  පෙනහළුවල අසාදන තත්වයක් ඇති විට පමණයි.  එසේ බෙහෙතක් දුමක් ලෙස යැවීමෙන් ආසාදනය වී ඇති පෙනහළුවල තත්වය මදක් සමනය වී රෝගියට පහසුවක් දැනෙනවා.  ඔහුගේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යෑමටත් පහසුවක් ඇතිවෙනවා.  ඒ හැරුණුවිට කිසිදු නුසුදුසු බෙහෙතක් කිසිම ස්වසන වෛද්‍යවරයෙක් විසින් පෙනහළු තුළට යවන්නෙ නෑ.  එය මා ඉතා වගකීමෙන් කියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා නන් අයුරුන් විවිධ නම් යොදා සකසා ඇති මේ විස දුම් ගැන කිසිම අවබෝධයක් වගකීමක් නැතිව  මේ පුද්ගලයන් රඟපාන රඟපෑමෙන් තව දුරටත් මිනිස්සු මරණය කරා යනවා මිස වෙන කිසිම යහපතක් වෙන්නෙ නෑ.

Exit mobile version