ඔහුව නිදහස් කරන්න…  හිටපු ජනපතිනිය චන්ද්‍රිකා රන්ජන් රාමනායක වෙනුවෙන්  ජනපති ගෝඨාභයට ලියයි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රමානායකට නිදහස ලබා දෙන ලෙස හිටපු නායකයෙක් ලෙසත් ජ්‍යෙෂ්ට පුරවැසියෙක් ලෙසත් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ වරදට  වර්ෂ 2021.01.12 දින සිවු වසරක සිරදඬුවමක් ලබා සිරගත වුණු රන්ජන් රාමනායක  රංගන ශිල්පියෙක් ලෙසත්, සමාජ සේවකයෙක් ලෙසත් දේශපාලකයෙක් ලෙසත් මේ සමාජයට වැඩදායී ලෙස කටයුතු කළ පුද්ගලයෙක් බව හිටපු ජනාධිපතිනිය කියයි.

බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිර දඬුවම් ලබා දුන් කිහිප දෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් රජය නිදහස  ලබා දුන් බවත්, එතරම් බරපතල නොවන චෝදනාවකට රන්ජන්ට මෙලෙස දුක් විඳින්නට සිදුවීම අවාසානවක් බවත් හිටපු ජනපතිනිය  පවසයි.


මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායකට නිදහස ලබා දෙන ලෙස හිටපු ජනපතිනිය ජනාධිපති ගෝඨාභයගෙන් ඉල්ලා සිටී.

මේ අතර සිය ට්විටර් ගිනුමේ සටහනක් තබන සජිත් ප්‍රේමදාස අනිද්දාට යෙදෙන සිරකරුවන්ගේ ජාතික දිනය දා රන්ජන් රාමනායකට නිදහස ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව   කියා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ජනපතිනිය වත්මන් ජනපතිට යැවූ ලිපිය පහත දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

Exit mobile version