ඔස්කාර් වේදිකාව තිගැස්සුණු සිදුවීම… හොඳම නළුවා විල් ස්මිත් නිවේදක ක්‍රිස් රොක්ගේ කණට ගසයි…

අද පැවැත්වුණු  මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලද විල් ස්මිත් ඔස්කාර් වේදිකාවේ නිවේදකයා වූ ක්‍රිස් රොක් ගේ කණ හරහා පහරක් එල්ල කිරීම ලෝකය පුරා දැඩි අවධානයට ලක් වුණු සිදුවීමක් විය.

නිවේදක ක්‍රිස් රොක් විසින් සිය නිවේදන කටයුත්තේ දී විල් ස්මිත්ගේ බිරිය වූ ජාඩා පින්කට් ස්මිත්ට කළ විහිළුවකින් පසු කිපුණු විල් ස්මිත් වේදිකාවට ඇවිදගෙන ගොස් ක්‍රිස්ට මෙම කණ පැලෙන ප්‍රහාරය එල්ල කළේය.

අනතුරුව සිය අසුන වෙත පැමිණි විල් ස්මිත් කෑ ගසා අසභ්‍ය වචනයෙන් නිවේදක ක්‍රිස් රොක්ට කීවේ ඔහුගේ කටින් යළිත් සිය බිරියගේ නම පිට නොකරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෘත්තීය නිවේදකයෙක් ලෙස එම අවස්ථාව ක්‍රිස් රොක් කදිමට පාලනය කරගෙන කිසිම තැතිගැන්මකින් හෝ වෙනසකින් තොරව සභාවේ මෙහෙයවීම දිගටම කරගෙන ගියේය.

අනතුරුව සිය ජීවිතයේ පළමු ඔස්කා සම්මානය දිනාගත් ක්‍රිස් ස්මිත් සිය හැසිරීම පිළිබඳව සියල්ලන්ගෙන්ම සමාව ඉල්ලුවේ කඳුළු සලමිනි. ඔහුට මෙවර ඔස්කා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමි විය.

හොඳම නළුවාට හිමි සම්මානය අතැතිව කඳුළු සලමින් ඔහු මෙසේ කීවේය.

“ මට ඇකඩමියෙන් සමාව ගන්නන ඕන, මගේ සියලු නාමයෝජනාකරුවන්ගෙන් සමාව ගන්න ඕන. ආදරය ගොඩක් පිස්සු දේවල්වලට අප පොළඹවනවා“


Exit mobile version