ඔමික්‍රෝන් හමුවේ එන්නත්වල ඵලදායී බව පහළ බවට මොඩර්නා සමාගම පවසයි

මොඩර්නා ප්‍රකාශයත් සමග බොරතෙල් මිහල පහළ යයි

නව ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය හමුවේ එන්නත්වල ඵලදායී බව පහල මට්ටමක පවතින බව මොඩර්නා සමාගමේ ප්‍රධානය විධාය නිලධාරී ස්වන් බැන්සෙල් මුල් වරට අනාවරණය කර ඇත.

මොඩර්නා සමාගමේ ප්‍රධානියා බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව තමන් කිසිම විටෙක් ඩෙල්ටා ප්‍රභේදයට සමාන ඵලදායී බවක් නව ප්‍රභේදයට එන්නත් මගින් ලැබෙන ඇති බවට අපේක්ෂා නොකරන බවද පවසා ඇත.


“මම එන්නත් වළ ඵලදායීතාව කොච්චර මට්මකින් පහළ යයිද කියන්න දන්නේ නැහැ. ඒ සඳහා අපිට තවත් දත්ත අවශ්‍ය කරනවා නමුත් මම කතා කරපු සෑම විද්‍යාඥයෙක්ම කියා සිටියේ මේ ප්‍රභේදය එච්චර හොද ලකුණු නොපෙන්වන බවයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

මොඩර්නා සමාගමේ ප්‍රධානියාගේ මෙම ප්‍රකාශය ගෝලිය ආර්ථිකයට විශාල බලපෑමක් කිරීමට සමත්ව ඇති අතර මේවන විට බොරතෙල් බැරලය මිල සියයට තුනකින් පහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 2.15කින් ද ඇමරිකවේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 1.83කින් පහළ ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර යුරෝපා කොටස් වෙළෙඳ පොළවල්ද සියයට 1.5කින් ද ටෝකියා හී නික්කේ දර්ශකය සියයට 1.6කින් ඕස්ට්‍රේලියානු ඩෙලරය වසරකට පසුව පහළම අගයද වර්තා වී තිබීම ගෝලීය විශේෂත්වයකි.

Exit mobile version