ඔමික්‍රොන් ෆයිසර් මගහැර යනු ඇතැයි පලවන වාර්තා නොසලකා හරින්න… සෞඛ්‍ය අංශ

ඔමික්‍රෝන් වයිරසයට ෆයිසර් එන්නත මගහැර යාමේ හැකියාවක් ඇතැයි විදෙස් මාධ්‍ය තුළ පලවී ඇති වාර්තාව සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව  සඳහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ පිලිගත් වෛද්‍ය විද්‍යාත්ම පර්යේෂණ ආයතනයන් හෝ මේ පිලිබදව කිසිදු තොරතුරක් හෙළි කර නොමැති පසුබිමක කිසිම් පෞද්ගලික රසායනාගාරයන් තුළ කොවිඩ් රෝගීන් හයදෙනෙකුගේ රුධිර හා ප්‍රතිදේහයන් යොදාගෙන කරන ලද පර්යේෂණයනයක ප්‍රතිපලයන් ලෙස මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති නමුත් මේ පිලිබඳ ජාත්‍යන්තරව පිළිගත්කිසිම වෛද්‍ය පර්යේෂණ සඟරාවක කිසිදු සටහනක් තබා නොමැති බවද හෙතෙම පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වාර්තාවන සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් පිලිගත් වෛද්‍ය පර්යේෂණ ආයතනයක් හෝ කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන තෙක් මේ පිලිබඳව අනියත බියක් ඇති කර නොගන්නැයි අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


Exit mobile version