ඔන්ලයින් අරක්කු විකිණීම අහෝසියි… කොවිඩ් කමිටුව යෝජනාවට විරුද්ධවෙයි…

Arrack

බලපත්‍ර ලාභී තැබෑමරුම් කීපයක් හා සුපිරි වෙළෙඳසල්  ඔසසේ  මාර්ගගත  ක්‍රමයට  මත්පැන්  ලබාදීමේ වැඩපිළිවෙළට   අවසර ලබා නොදෙන බව කොවිඩ් 19  පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ  ප්‍රධානී යුද  හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  පැවසීය

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්  මුදල් අමාත්‍යාංශයෙන්  පසුගියදා ඉල්ලීමක්   කර තිබුනේ මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසල්වලට  අවසරය ලබා දෙන ලෙසය.

දීර්ඝ කාලිනව බදු ආදායම් අහිමි වීමේ අවදානම සහ විවිධ පාර්ශවවලින් කළ ඉල්ලීම අනුව ඔහු එම ඉල්ලීම කර  තිබූ බව හමුදාපතිවරයා කීවේය .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් කොවිඩ් පාලනයකිරීම සඳහා සංචරණ නීති ක්‍රියාත්මක වී රටේ ගෘහස්ථ ආර්ථිකයත් මුළුමනින්ම පාහේ බිදවැටෙමින් ඇති අවස්ථාවක මෙම  ඔන්ලයින් මත්පැන් අලෙවිය සම්බන්ධ යෝජනාව සෞඛ්‍ය අංශය ඇතුළු විවිධ පාර්ශවවල බරපතල විවේචනයට ලක් විය.

Exit mobile version