ඔත්තු බැලීමට අමෙරිකාව සයිබර් අවි භාවිත නොකළ යුුතුයි- චීනය

එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA)විසින් ලොව පුරා සිදුකරන සයිබර් ප්‍රහාර ක්‍රියාකාරකම්වලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත්, එක්සත් ජනපදය සයිබර් අවි භාවිතය නතර කළ යුතු බවත්  ඊයේ (4) චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියාය.

‘හැකිං අධිරාජ්‍යය’: එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය” යන මාතෘකාවෙන් යුත් වාර්තාවක් පිළිබඳව අදහස් දක්වමින් එහිදී විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් වන මාඕ නින්ග් එරට පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ අදහස් ප්‍රකාශ කරන ලදී.

එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) වසර ගණනාවක් තිස්සේ අනෙකුත් රටවල, ව්‍යාපාරවල, මෙන්ම නගරවල බුද්ධිමය තොරතුරු එක්රැස් කර ඇති බව එම වාර්තා උපුටා දක්වමින් ඇය කියා සිටියාය.


චීනයේ සහ අනෙකුත් රටවල විශාල සිද්ධීන් සංඛ්‍යාවක් වසර ගණනාවක් පුරා සිදු වී ඇති CIA සයිබර් ප්‍රහාර ක්‍රියාකාරකම් පිළිබඳ මෙම වාර්තාව මඟින් අනාවරණය කරන අයුරින් අමෙරිකාවේ සයිබර් ප්‍රහාර ගැන නැවත වරක් සාක්ෂි දෙන සපයන බවටද ඇය තවදුරටත් කියා සිටියාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(XinhuaNET)

Exit mobile version