ඔට්ටුමාවඩි සුසානය පිරෙයි… රජය තවත් අක්කර තුනක් අම්පාරෙන් සොයා ගනී…

ඔට්ටමාවඩිවල තව ඉඩ ඇත්තේ දේහ 300කට පමණයි... අලුත් අක්කර 3 තුළ දේහ 2400ක් වළ දැමිය හැකියි.

කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල මරණ භූමදානය සඳහා වෙන් කළ ඔට්ටමාවඩි සුසාන භූමියේ වළ දැමීමට තව ඉඩ ඇත්තේ කොවිඩ් සිරුරු 300ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය තාක්ෂණික සේවා) වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේය.

වේගයෙන් ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් යන මෙම සුසාන භූමියය වෙනුවට තවත් සුසාන භූමයක් සඳහා අම්පා දිස්ත්‍රික්කයේ තවත් අක්කර 03ක භූමියක් සොයා ගැනීමට    සෞඛ්‍ය අමාත්‍යාංශය  කටයුතු කර තිබේ.

මෙම ඉඩකඩේ කොවිඩ් මෘතදේහ 2400ක් භූමදාන කළ හැකි බව වෛද්‍ය හම්දානි කියයි.


ඔට්ටමාවඩි සුසාන භූමියේ මේ වන විට මෘත දේහය 1470 භූමදානය කර ඇති බවද පැවසූ ඔහු ඉන් 1383 මුස්ලිම් ජාතිකයන්ගේ බවත් සෙසු දේහයන් අනෙක් ජාතිකයන්ගේ බවත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පශ්චාත් මරණ පරීක්ෂණ කරන සිව් වසරක් තිස්සේ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබූ අනන්‍යතාවය හඳුනා නොගත් මෘත ශරීර 40ක් ද භූමදානය සඳහා මෙම ස්ථානයට රැගෙන ඒමට නියමිතය.

Exit mobile version