පිටරටින් ගේන ඔක්සිජන් සිලින්ඩර වෙනුවට වායුගෝලයෙන් ඔක්සිජන් අරන් දෙන්න අපේ පර්යේෂකයන් සූදානමින්

වසංගතයෙන් ලෝකයම අර්බුදයට ලක් වූ අවස්ථාවේ ඔක්සිජන් සිලින්ඩර පිටරටවලින් ගෙන්වීම වෙනුවට ස්වාභාවිකව වායුගෝලයේ පවතින ඔක්සිජන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා දිය හැකි ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍ර පේරාදෙණිය සරසවියේ විදයා පීඨයේ රසායන විද්‍යා අංශයේත් ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේත් සාර්ථකව අත්හදා බලා ඇති නමුත් මේවා ප්‍රායෝගිකව සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා භාවිත වන මට්ටමට පත් කිරීමට අවශ්‍ය සහය සෞඛ්‍ය අංශ වෙතින් බලාපොරොත්තු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යාව පිළිබඳව මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා පවසයි.

තම පීඨයේ මහාචාර්ය එච්.එම්.එස් බණ්ඩාරත්. මහින්ද පරණවිතාන තමන්ද එක්ව මෙම ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍රයක් දියුණු කළ අතර මේවා ප්‍රායෝගිකව භාවිතයේදී තවත් සුළු වැඩි දියුණු කිරීම් කිහිපයක් සමඟ රෝහල්වල ප්‍රතිකාර කටයුතුවලට යොදා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

“මෙම යන්ත්‍රය වාතය ගෙන එයින් තෙතමනය, නයිට්‍රජන් සහ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කර සියයට 94 සිට 97 දක්වා පිරිසිදු ඔක්සිජන් ලබා දෙනවා. අවශෝෂක ටැංකි දෙකක් ඇති අතර තත්පර 6 කට වරක් වාතය ස්වයංක්‍රීයව දෙක අතර මාරු වේ. වාතය ගලා යන විට පීඩනයට පත් වූ ඇඩ්සොබන්ට් මඟින් අනවශ්‍ය වායු ඉවත් කර පිරිසිදු ඔක්සිජන් ලබා දෙනවා. ක්‍රියා විරහිත කාලය තුළ, අවශෝෂක වායූන් ඉවත් කිරීම සහ ඊළඟ තත්පර 6 ක චක්‍රය තුළ අවශෝෂණය සඳහා සූදානම් වීම සඳහා බහලුම පීඩනයට ලක් කරනවා. මේ ආකාරයෙන් අපට 94-97% ක පිරිසිදු ඔක්සිජන් අඛණ්ඩ සැපයුමක් ලබා ගත හැකියි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ මහාචාර්ය ප්‍රසන්න ගුණවර්ධන ගේ මූලිකත්වයෙන්ද මෙවැනි ඔක්සිජන් සාන්ද්‍රක යන්ත්‍රයක් නිර්මාණය කර එය මේ වනවිට රෝහල් භාවිතය සඳහා ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ගුණවර්ධන සඳහන් කළේ පර්යේෂණ මට්ටමින් තනි ඒකක සෑදීම වෙනුවට මෙය වානිජ මට්ටමින් නිෂ්පාදනය කිරීම සඳහා යම් වැඩපිළිවෙළකට අනුගත විය හැකි නම් එය වානිජ වශයෙන් ඵලදායී ව්‍යාපෘතියක් වනු ඇති බවය.

 

Exit mobile version