ඔක්තොම්බර් මැද වන විට කොවිඩ වසංගතය අවසන්… විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

ඔක්තෝබර් මස මැද සතිය වන විට දැනට පවතින කොරෝනා වසංගතය අවසන් කර මෙරට ජනතාව  සාමාන්‍ය දිවි පවැත්මට යොමුවිය හැකි යැයි   රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කරයි. 

එන්නත්කරණ වැඩපිළිවෙළ අතිශය සාර්ථක ලෙස රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාවට නන්වමින් පවතින බවත් මෙරට ජනතාවට අවශ්‍ය තරම් එන්නත් ගෙන්වීමට රජය සියලුම ක්‍රියා මාර්ග ගන්නා බවත් සභාපතිවරයා අවදාරණය කළේය. 

මෙරට ජනතාවගේ පූර්ණ එන්නත්කරණයට අවශ්‍ය සියලු එන්නත් ඉදිරි සති කිහිපය තුළදී ලබා ගත හැකි බවත් එන්නත් හිඟයක් ඇති වේ යැයි හෝ එන්නත් අවසන් වේ යැයි අනවශ්‍ය බියක් ඇති කර  නොගන්නැයි වෛද්‍ය ගුණසේකම මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. 


එන්නත්කරණය සිදුකරණ සථානයන්වෙත ගොස් කලබලකාරී තත්ත්වයන් ඇති නොකරන ලෙසද මෙවැනි තත්ත්වයන් හේතුවෙන්නැවත වයිරසය ව්‍යාප්තියක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිටපළාත්වලින් නගරබද ප්‍රදේශයන්ට පැමිණ එහි තාවකාලිකව පදිංචි වී රැකියාවන්ගේ නිරත වන පුද්ගලයින්ට ඔහු පදිංචි වී සිටින ප්‍රදේශයේ එන්නත් මධ්‍යස්ථානයෙන් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට හැකියාව ඇති බවද වෛද්‍යවරයා සදහන් ක‌රයි.

 

Exit mobile version