ඔක්ටේන් 92 අඩුවේ.. 95 වැඩිවේ… අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුවන ඉන්ධන මිල සංශෝධනය මෙන්න!

කීර්ති ප්‍රනාන්දු –

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින්  ද ලංකා භූමිතෙල් මිල ද රුපියල් 50කින් ද, ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 60කින් ද, පහළ දමමින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල   රුපියල් 318කි. ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245කි. කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270කි.

මේ අතර ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 95 යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 385කි.

එසේම ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල  රුපියල් 340කි.


IOC  සමාගම ද මෙම ඉන්ධන මිල ගණන් අනුව ස්වකීය ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව මිල ගණන් පහත වගුවේ දැක්වේ.

 

 

 

 

Exit mobile version