ඒ හූ ව…..

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් තිබේ. රටේ පුරවැසියන්ගෙන් මේ විරෝධය මතුවන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතය. ඒ සූරියවැවදී ය.

සිය පවුල දේවත්වයෙන් වන්දනා කළ  ගැමියන් සහිත සූරියවැව දී මෙවැනි අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි අපේක්ෂා සහගත දේශපාලකයෙක් වූ නාමල් රාජපක්ෂ සිතන්නට නැති බව විශ්වාස කරමු. ඔහුගේ ඉලක්කය මේ රට හසුරුවන නායකත්වය බැවිනි.

ඔහුට මෙම විරෝධය එල්ලවන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ  අවසන් මහා තරගයේ දී සිය ආරක්ෂයකන් පිරිවරා පිටිය මැදට   පැමිණි අවස්ථාවේදී ය.


නාමල්ගේ ප්‍රවේශයත් සමග ප්‍රේක්ෂකාගාරයෙන්  මෙසේ  ඇසේ.

‘දැන් සැපද’   ඉන් පසු එන්නේ හූ හඬකි.

නාමල් ගේමට මෙන් හැරී බලනු පෙනේ.

මේ වීඩියෝව සංස්කරණය කරන ලැබූවක් දැයි ඇතැම්හු ප්‍රශ්න කරති. වැදගත් වන්නේ එය නොවේ.  මෙවැනි සාධාරණ අවකාශයක් නිර්මාණය වූයේ ඇයි ද යන්නය.

කිසිම දේශපාලකයෙක් සිය ගර්වය පිළිබඳ අධිතක්සේරුවක් සහිත  පරිසරයක මෙවැනි ව්‍යසනයකට පත්විය යුතු නැත.  මිනිසෙක් අසරණවන දරුණුම අවස්ථාව එය වන බැවිනි.

ඒ තත්වයට මේ තරුණ දේශපාලකයා පත්වුනේ ඇයි?. ඇඳගෙන ඇති ඇන්දිල්ලෙන් ගැලවී පොළොවේ පය ගැසීමට ඒ හූ හඬ ඔහුට සන්නිවේදනය කරනු පෙනේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ දේශපාලන අනාගතය තීන්දු වනු ඇත්තේ ඒ සන්නිවෙදනය වූ  පණිවිඩය නිසි බරින් ග්‍රහණය කරගැනීමෙන් පමණක් බව විශ්වාස කරමු.

 

 

Exit mobile version