එ.ජා.ප ජාතික සංවිධායකකම කැමති කෙනෙකුට දෙන්න… නවීන් රනිල්ට ලිඛිතව දන්වයි…

එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් තමන්ට ලබා දී ඇති   ජාතික සංවිධායක තනතුර කැමති පුද්ගලයෙක් වෙත ලබා දෙන ලෙසත් තමන් ඊට අකමැත්තක් නැති බවත් දන්වා සිටී.

තමන් මෙතෙක් ක්‍රියා කරමින් සිටින නුවරඑළිය දිස්ත්‍රික්  නායකයා ලෙස හා කෘත්‍යාධිකාරී සභික ලෙස කටයුතු කිරීමට කැමති බවත් එය තමන්ට ප්‍රමාණවත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන්ගේ දිවංගත පියාණන් ජනාධිපති අපේක්ෂක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ලෙස ස්වකීය ජීවිතය කැප කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා  අනාගත වැඩ පිළිවෙළට පූර්ණ සහයෝගය දෙන බවත්, 2000 වසරේ සිට මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා කැබිනට් ඇමතිවරයෙක් ලෙස එ.ජා.ප නායකයා තමන් වෙත දක්වන ලද සහයෝගයටත් ඔහු ස්තුතිය පල කරයි.


Exit mobile version