එස්.අයි ප්‍රවාහනය කළේ දේශපාලන ප්‍රබලයෙකුගේ රැකවරණයේ ඉන්නා පානදුරේ කුඩු සලිඳුගේ කුඩු…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී ඊයේ රාත්‍රියේ කුඩු කිලෝ 52ක් සමග පොලිස් අත්අඩංගුවට පත් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රවාහනය කර තිබුණේ රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගේ ද දේශපාලන රැකවරණය ලබන පානදුරේ කුඩු සලිඳු නැමැත්තාගේ මත්කුඩු තොගයක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

පොලිස් නිල ඇඳුමින් කරන එක් කුඩු ප්‍රවාහන වාරයක් සඳහා මෙම උප පොලිස් පරීක්ෂකවරයාට ලක්ෂ 20ක මුදලක් ගෙවා ඇතැයි ද මෙම කුඩු ප්‍රවාහනය සඳහා වාර කීපයක් ඔහු සම්බන්ධ වී ඇතැයි ද වාර්තා වේ.

ඩුබායිහි දුරකථන අංකයක් භාවිතා කරමින් ලංකාවේ සිට සිය මත්කුඩු ජාවාරම මෙහෙයවන, තවමත් වයස විසි ගණන් පසුකරමින් ඇති කුඩු සලිඳු නැමැති මෙම කුඩු ජවාරම් කාරයා පොලිසියද යොදා ගනිමින් දේශපාලන රැකවරණය ද සහිතව ජාවාරම් කරන ආකාරය මින් පෙර පානදුර ප්‍රදේශය භාරව සිටි පොලිස් ප්‍රධානියෙක් විසින් හෙළි කරගෙන තිබිණි.

දුරකථන ජාලය විශ්ලේෂණය කරමින් ඔහුගේ සම්බන්ධතා ජාලය ගැන විමර්ශනය කරගෙන යද්දී මෙම පොලිස් ප්‍රධානියාට හෙළිදරවු වූයේ කුඩු සලිඳු රජයේ ප්‍රභල කැබිනට් ඇමතිවරයෙක් හා පොලිස් ප්‍රධානීන් කීපදෙනෙක් සමග සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇති අයුරුය.

අදාල විමර්ශන කරගෙන යන අවස්ථාවේ දී පානදුර පොලිස් ප්‍රධානියා ලඟදීම පානදුරෙන් විසිවන බවට කුඩු සලිඳු විසින් ඔහු ඇසුරු කළ සමහර පොලිස් නිලධාරීන්ට දන්වා තිබිණැයි පැවසේ. ඔහු කී ලෙසම මෙම දේශපාලකයා සම්බන්ධව වැඩි අවධානය යොමු කරමින් විමර්ශන දියත් කිරීමත් සමග පානදුර පොලිස් ප්‍රධානියා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යැවිනි.

එදා සිට මේ දක්වා සලිඳු සම්බන්ධව දියත් වුණු විමර්ශන යට ගැසී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

Exit mobile version