එස්ටීඑෆ් වෙතින් දිය මත විශේෂ මෙහෙයුම් ඒකකයක්

“දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව මෙහෙයුම් ඒකකයක් පොලිස් විශේෂ කාර්ය බලකාය ආරම්භකර තිබේ.

විශේෂ බලකායේ දැනට සේවයේ නිරතව සිටින පිහිනීමට දක්ෂ නිලධාරීන් 16 දෙනෙකුගෙන් මෙම ඒකකය ආරම්භකර ඇත. එම නිලධාරීන්ට බෝට්ටු පැදීමේ පුහුණුවද ලබාදී ඇත.

ඇලදොල , ගංගා, ජලාශ , වැව් ආශිතව සිදුවන අපරාධ සහ නීති විරෝධි ජාවාරම් මැඩලීමට මෙම ඒකකය ස්ථාපිතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය හා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමය මේ සදහා අනුග්‍රහය දක්වන බවද අජිත් රෝහන මහතා කියයි.

Exit mobile version