එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි පණ දෙන්න ගිය සැකරුවෙක් අත්අඩංගුවේ!

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි පණ දීමේ අරමුණින් සකස් කරණ ලද ප්‍රවර්ධන වීඩියෝ දර්ශන කීපයක් ඇතුළත් ජංගම දුරකතනයක් සමග එක් තරුණයෙකු කිළිනොච්චිය ධර්මපුරම් මුසුරාම් ප්‍රදේශයේදී පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු විසින් එම වීඩියෝ දර්ශන ඔහුගේ හිතවතුන්ට හා තවත් පුද්ගලයින් විශාල පිරිසකට විවිධ සමාජ මාධ්‍යඔස්සේ බෙදා හැර ඇති බව පවසන ධර්මපුරම් පොලීසිය මේ කටයුත්ත සඳහා මොහුට තවත් කීප දෙනෙකුගේ සහය ලැබී ඇති බවද ප්‍රකාශ කළේය.

අත් අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය තවදුරටත් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී ආවා කල්ලියේ වීඩියෝ දර්ශන කීපයක්ද සොයා ගෙන තිබේ.

සැකකරුව කිළිනොච්චිය අධිකරණයෙන් ලබා ගත් රඳවා ගැනීමේ නියෝගයක් මත පොලීසිය විසින් රඳවා ගෙන ප්‍රශ්න කර ගෙන යයි.

Exit mobile version