එල්.ටී.ටී.ඊය වළ දැමූ රත්තරන් සොයන්නට පැමිණි පිරිසක් නිසා මුලතිව් කෝවිලකට හමුදා ආරක්ෂාව…

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් යුද සමයේදී මුලතිව්  මුල්ලිවයික්කාල් – කුරුන්දඩි පිල්ලෙයාර් කෝවිල් භූමියේ වළදමා ඇති  රත්තරන් තොගයක් ගොඩ ගැනීමට පිරිසක් උත්සාහ කිරිමත් සමගම ඊයේ (24)   රාත්‍රී එම කෝවිල් භූමියට යුද හමුදාවේ ආරක්ෂාව යොදවා තිබේ.

කෝවිලේ මුරකරුවකු විසින් කිසියම් පිරිසක් කෝවිල් භූමිය හෑරීම සඳහා සූදානම් වන බව දැකීමෙන් පසුව ඔහු ඒ බව කෝවිලේ ප්‍රධාන පූජකවරයාට සැල කිරීමෙන් පසුව  පූජකවරයා මේ ගැන ආරක්ෂක අංශ වලට පැමිණිලි කොට ඇත.

ඒ අනුව කෝවිල් භූමියට යුද හමුදාව හා පොලිසිය පැමිණ රාත්‍රියේ සිට ආරක්ෂාව දැඩි කොට තිබේ.


මුලතිව් පොලීසිය මේ ස්ථානය හෑරීම සඳහා පැමිණි පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2009 වසරේදී මේ ස්ථානයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් විශාල රත්තරන් තොගයක් වළදමා ඇති බවට  ප්‍රචාරයක් යාම නිසා මීට ඉහතදී ද කීප දෙනෙකු  කෝවිල් භූමිය හෑරීමට උත්සහ කළ අතර ඉන් සමහර  අය පොලිස් අත් අඩංගුවටද පත් විය.

Exit mobile version