එල්ලේ ක්‍රීඩකයා ඝාතන චෝදනාවට අත්අඩංගුවට පත් හමුදාවේ 15 ලබන 15 තෙක් රිමාන්ඩ්…

නිමන්ති රණසිංහ –

තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වූ  පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි මරා දැමීමේ සිද්ධියට අදාළ යුද හමුදා ගැමුණු හේවා බළකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න ඇතුලු සැකකාර යුද හමුදා සාමාජිකයින් 15 දෙනා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද 01 නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එල්ලේ ක්‍රීඩකයාගේ බිරිය වන ග්‍රාමනිලධාරිනිය, යුද හමුදා ලුතිතන් කර්නල්වරයා, කෝප්‍රල්වරයා ඇතුථ යුද හමුදා සාමාජිකයන් 15 දෙනකු බන්ධනාගාරය මගින් අද (01) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම සැකකරුවන් බුද්ධි නිලධාරීන් වන බැවින් ඔවුන්ට බන්ධනාගාරය තුළ ආරක්ෂාවක් සපයන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කරන මෙන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළහ.


මෙම සැකකරුවන් සිදුකර ඇත්තේ බුද්ධි මෙහෙයුමකින් සිදුකරන ලද්දක් නොවන බැවින් තමා එවැනි නියෝගයක් නිකුත් නොකරන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළාය.

මෙම සිද්ධියේ මරණයට පත් වූ තොටළඟ ‘අරුණ’ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වන පිංචාදේවගේ අකිල සම්පත් රත්නසිරි   37 හැවිරිදි තිදරු පියෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප

 

Exit mobile version