එල්ටීටීඊය  වෙඩි තිබ්බා විතරයි… ෆැසිස්ට් වාදීන්ට මුහුණ දුන්නේ  ඉතිහාසයේ පළවෙනි වතාවට – ජනපති

එල්.ටී.ටී. ඊ. සංවිධානය විසින් සිදුකළේ වෙඩි තැබීම් පමණක් බවත්  අපි ලංකා ඉතිහාසයේ  පළමු වතාවට පසුගිය වකවානුවේ හිට්ලර් පන්නයේ  ෆැසිට්ට් ත්‍රස්තවාදයට රට මුහුණ දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

පොත් ගිනි තබන්නේත්, ගෙවල් ගිනි තබන්නේත් ෆැසිස්ට් ත්‍රස්තවාදීන් බව කී ජනාධිපතිවරයා මින් ඉදිරියට එවැනි ත්‍රස්තවාදයකට මේ රටේ ඉඩක් නැති බව කීවේය.

ඔහු පැවසුවේ ආර්ථිකය පීඩනය නිසා හටගත් අරගලය ෆැසිස්ට්වාදීන් පිරිසක් විසින් අත්පත් කරගෙන රටට විශාල විනාශයක් කළ බවය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,  පළාත් සභා ප්‍රාදේශීය සභා නගරසභා දේශපාලකයින් හා පක්ෂ දෙකේ ක්‍රියාධරයින් විසින් සංවිධානය කළ විශේෂ හමුව අමතමිනි.


දළදා වහන්සේ වැඳ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ සිටි පොහොට්ටු යූ.එන්.පී  දේශපාලකයින් ඇමතූ ජනාධිපතිවරයා පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගමනක් යෑම ආරම්භ කර ඇති බවත් සිදුවිය යුත්තේ මේ ඒකාබද්ධ වීම බවත් කීවේය.

තමන් ජනපති වූ පමණින් රටේ දැවෙන ආර්ථික ප්‍රශ්න කිසිවක් විසඳී නැති බව කී ජනාධිපතිවරයා එක්ව විසඳුම් සෙවීම සිදුකිරීමට අවශ්‍ය බව පැවසුවේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක්  නිර්මාණය කිරීම මේ සඳහා ඇති එකම විසඳුම බව කි ජනාධිපතිවරයා මේ වනවිට ආණ්ඩු බලය ඇත්තේ තමන් ලඟ බැවින් නිශ්ශබ්දව නොසිට කතා කිරීම අරඹන ලෙස කීවේය. බලය එන්නේ කතා කරනවිට බවත් පැවසුවේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ගම් මට්ටමින් සංවාදය ඇති කරන ලෙස ඔහු පොහොට්ටු එක්සත් ජාතික පක්ෂ දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මැයි 09 දා එල්ල වූ පැසිස්ට් ප්‍රහාරය නිසා මෙම පිරිස පත්වූ අසරණ කම ගැන තමන් දන්නා බව කී ජනාධිපතිවරයා යළි ඒ පෑසිස්ට් වාදයට හිස ඔසවන්නට ඉඩ ලබා නොදෙන බවට සපථ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

Exit mobile version