එල්ටීටීඊයේ අවිආයුධ තොගයක් STF පුපුරුවයි

දිනසේන රතුගමගේ

වවුනියාවේ රාසේන්ද්‍රකුලම් කොණ්නවරසන්කුලම් ප්‍රදේශයෙන් නෙලුකුලම පොලීසිය විසින් සොයාගන්නා ලද එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු අවිආයුධ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් 1 දා සවස පුපුරවා විනාශ කරණු ලැබීය.

ඉතා සූක්ෂම ලෙස වළලා තිබූ එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු බව කියන ටී-56 වර්ගයේ ගිණි අවි අත් බෝම්බ මෝටාර් ඇතුලු යුද උපකරණ රැසක් වවුනියාවේ නෙලුකුලම පොලීසිය විසින් ගොඩ ගෙන තිබේ.


පොලිස් විශේෂ ඒකකයට ලද තොරතුරක් මත බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් මෙම ස්ථානයේ කැණීම් සිදු කළ මේවා සොයා ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද සමයේදී මෙම යුද උපකරණ වළලා දමා තිබීම නිසා ඒවා බෙහෙවින් මළ බැදී ඇති නමුත් පතරොම් උණ්ඩ බෝම්බ හා මෝටාර් උණ්ඩ ජීව බලයෙන් යුක්ත බව නෙලුකුලම් පොලීසිය සදහන් කරයි.
මෙම යුද උපකරණ ගොඩ ගැනීමෙන් පසුව නෙලුකුලම් පොලීසිය විසින් ලබා ගන්නා ලද අධිකරණ නියෝගයකට අනුව ඒවා මිනිසුන් රහිත ප්‍රදේශයකට රැගෙන ගොස් පුපුරවා විනාශ කරණ ලදී.

Exit mobile version