එරික් පෙරේරා වෙන්නප්පුවේ පස්දෙනකුගෙන් කළ වැඩේට පොලිසියේ 125ක් යොදවයි

වෙන්නප්පුව හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රදේශයේ දේශපාලන බලපෑම මත සිදු කෙරුණු බව කියන මාරුවෙන් පසුව එම ප්‍රදේශයේ වැඩි වි ඇති කසිප්පු ජාවාරම් ඇතුළු නීති විරෝධී මත් ජාවාරම හමුවේ ප්‍රදේශයේ මතුවිය හැකි මහජන විරෝධයන් සමනය කිරීම සඳහා එම ප්‍රදේශයේ සිදු කෙරන නීති විරෝධි මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. මේ සඳහා පොලිස් නිලධාරීන් 125කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී කර ගැනෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වැටලීම් එරික් පෙරො මහා විසින් මෙහෙයවන ලද්දේ පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකගෙන් වුවද හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ 6 දෙනකු බැගින් වන කණ්ඩායම් 12ක් සහ වලාන දූෂන මර්දන ඒකකයේ නිලධාරීන් 50කට අසන්න සංඛ්‍යාවක් මෙම වැටලීම් සඳහා සම්බන්ධ කරගෙන ඇති බව එම ප්‍රදේශයේ පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

එරික් පෙරේරා මහතාගේ ස්ථාන මාරුවෙන් පසුව සුළු පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සක්‍රිය වීමක් නිරීක්ෂණය කර ඇති අතර පසුගියදා ප්‍රදේශයේ පන්සල් සහ පල්ලි ආශ්‍රිතව මේ සම්බන්ධ විරෝධතාවක් පැවැත්වීමටද ප්‍රදේශයේ ආගමික සංවිධාන මඟින් සංවිධානය කර තිබිණ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තත්ත්වය සමනය කිරීමට ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් කටයුතු කර ඇති අතර තවදුරටත් නීතිවිරෝධී ක්‍රියා වැඩි වුවහොත් සිදුවිය හැකි තත්ත්වය පිළිබඳව සලකා මෙම පොලිස් වැටලීම් ක්‍රියාත්මක වන බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version