එරික් පෙරේරා වෙන්නප්පුවෙන් මාරු කළේ ප්‍රසිද්ධියෙ කියන්න බැරි හේතු නිසා

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති කියයි

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ස්ථාන මාරු කර විමර්ශනයක් ආරම්භ කළේ ප්‍රසිද්ධියේ කිව නොහැකි යම් යම් හේතු කාරණා නිසා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර අද (30) පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කළුතර ළමා හා කාන්තා කාර්යාංශ ගොඩනැගිල‍්ල විවෘත කිරීමේන අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

“ එරික් පෙරේරා වෙන්නප්පුව ගම. එයා හොඳට වැඩ කරනවා. ඒත් වෙනත් හේතූන් තියනවා ඔහුව වෙන්නප්පුවෙන් මාරු කරන්න සිද්ධ වෙච්චි. ඒ ගැන විමර්ශනයක් තියනවා. ඒ වෙනත් හේතු අපි පුද්ගලිකව හෝ ප්‍රසිද්ධියෙ කියන්නෙ නෑ. විමර්ශනය කරන අතරතුරෙයි ඔහුව මාරු කළේ.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මීගමුවට මාරු කර එව්වේ ඔහුගෙම ඉල්ලීම මතයැයි ද ඇමතිවරයා කීවේය.

Exit mobile version