එන්නත මේ 31න් කල් ඉකුත් වෙනවා… ඇන්ටිජන් කිට් එකක්වත්   සෙඛ්‍ය වෛද්‍ය  කාර්යාල 365ම  නෑ… 

බෙහෙත් නැති හදිසි ප්‍රතිකාරත් සීමා වුනු රටට කොවිඩ් යළි ආවොත්  වෙන දේ ගැන පී.එච්.අයි මහත්තුරු කියති..

කොවිඩ් වසංගතය නැවත මෙරටට ආක්‍රමණය කළහොත්  අපට කර කියා ගත හැකි  කිසිවක් නොමැති වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ  සංගමය අනතුරු අඟවා සිටියි.

කොවිඩ් රෝගීන්හදුනා ගැනීම සඳහා ඇන්ටිජන්  පරීක්ෂණ සිදු කිරීමට පවා මේ වන විට   සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365 තුළ කිසිදු පරික්ෂණ කට්ටලයක් නොමැති බව සංගමයේ සභාපති උපුල් රෝහණ කියයි.

විදේශයන්හි  සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කිරීමට ගුවන්තොටුපලේ හෝ වරායේ කිසිදු  සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් නොමැති බව උපුල් රෝහණ පෙන්වා දෙයි.

කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් ඔවුන් ට ප්‍රතිකාර කිරීමට  රෝහල් තුළ  ඖෂධ හෝ පරික්ෂාවන් සිදුකිරීමට කිසිදු පහසුකම් ‌නොමැති බවත් එවැනි පහසුකම් ඇති කිරීමට සෞඛ්‍ය අංශවල අවධානය මෙතෙක් යොමු වී නොමැති බවත් හෙතෙම පැවසිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට පවතින කොවිඩ් එන්නත මේ මස 31 වන දින වන විට කල් ඉකුත්වන බැවින් නැවත එන්නත ගෙන ඒමක් පිලිබඳව සිතීමට පවා නොහැකි බව සංගමය පෙන්වාදේ.

 

Exit mobile version