එන්නත් මාත්‍රා දෙකම අරගෙන සිංගප්පූරුවට එන සංචාරකයින්ට නිරෝදායනය වීම නැහැ

සිංගප්පූරුව විසින් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට නිරෝදායන වීමකින් තොරව එරටට ඇතුළු වීමට ඉඩ ලබාදීම බලාපොරොත්තු වන බව එරට රජය පවසයි.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට සිංගප්පූරුව විසින් පූර්ණ එන්නත්කරණයකට ලක්වූ සහ සාර්ථකව කොරෝනා වෛරසය පැතිර පාලනය කර රටවල පුද්ගලින්ට මෙම සහනය ලබදීමට බලාපොරොත්තු වන බව එරට මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් ප්‍රකාශ කර ඇත.

සිංගප්පූරුවට සමස්ථ ජනගහනයෙන් තුනෙන් දෙකකට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට හැකි වුවහොත් සංචාරකයින්ට ලබාදෙන සහනය අගෝස්තු මාසයේදීම ලබාදීමට හැකිවනු ඇති බවද එරට රජය වැඩිදුරටත් පවසයි.


“මෙම සීමා ලිහිල් කිරීම විවිධාකාර වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම පූර්ණ එන්නත්කරනයට ලක්වුන්ට පමණයි මෙම අවස්ථාව හිමිවන්නෙ. ඒ වගේම අවන්හලකට, ශරීරය සුවතා මධ්‍යස්ථානයකට යන්න අවස්ථාව හිමිවන්නෙ එන්නත ලබාගත් පුද්ගලයන්ට පමණයි” යනුවෙන්ද වොන්ග් ප්‍රකාශ කර තිබේ.

සිංගප්පූරුවේ ජනගහනයෙන් අඩකට අදික පිරිසකට ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබදී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිලියන 5.7ක් වූ සිංගප්පූරු ජනගහනයෙන් සියයට 75කට පමණ අවම වශයෙන් එක් එන්නතක්වත් ලබාගෙන තිබේ.

Exit mobile version