එන්නත් මාත්‍රා දෙකම නොගත් මන්නාරමේ ධීවරයින්ට මුහුදු යෑම තහනම්!

දිනසේන රතුගමගේ –

මන්නාරමේ ධීවරයින් ඇතුලු පිරිස් ඉන්දීය ජාතිකයින් සමග නිරන්තරයෙන් සබඳකම් පවත්වන නිසා  සැප්තැම්බර් මස 15 වෙනිදා සිට එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන නොමැති පිරිසට මුහුදු යාම පොදු ස්ථානවල ගැවසීම තහනම් කෙරෙන බව මන්නාරම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්.විනෝදන් මහතා 13 දා පැවසීය.

මන්නාරමේ පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී මේ තීරණය ගත් බව ප්‍රකාශ කළ වෛද්‍ය විනෝදන්   එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් බව තහවුරු කර ගැනීම සදහා මුරපොලවල් වලදී හා ධීවර තොටුපල වලදී එම කාඩ්පත් පරීක්ෂා කෙරෙන බවද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරමේ වැසියන් හා ඉන්දීය ජාතිකයින් අතර ඇති සබඳතාවය නිසා කොරෝනා රෝගය ව්‍යාප්ත වීමට ඇති හැකියාව වැඩි බැවින් රජය මන්නාරමේ වැසියන් සදහා ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගත් බව පැවසූ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා රජයේ එම වැඩ පිළිවෙළ සාර්ථක වීමට නම් ජනතාව  එන්නත් නිසි ලෙස ලබා ගෙන තිබිය යුතු බවද පැවසීය.


Exit mobile version