එන්නත් බූස්ටර් “හෝල් සේල්“ දීම එකම විසඳුම නොවේ -WHO

සමූහ වශයෙන් බූස්ටර් ලබා දීම තොග වශයෙන් තුන්වැනි මාත්‍රාවක් ලබා දීම කොවිඩ් වසංගතයෙන් බේරීමට මේ මොහොතේ ඇති එකම විසඳුම නොවන (“Wholesale boosting is not the solution right now) බවත් ලෝක ජනගහණයෙන් හැකි තරම් අවම වශයෙන් එන්නත් දෙක ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් ඊයේ (11) පැවසුවාය. ඊයේ රාත්‍රියේ  ජිනිවාහී ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ ලෝකයේ ඇතැම් රටවල එකම එන්නත් මාත්‍රාවක් ලබා දී නොමැති ජනතාවක් සිටින පසුමිබක් තුළ නව වෛරස ප්‍රභේද නිර්මාණය විය හැකි බැවින්  මේ මොහොතේ වැඩිම අවධානයක් යොමුවිය යුත්තේ එන්නත්කරණයට ලක්ව නොමැති පිරිස එන්නත්කරණයට ලක් කිරීම  බවය.

 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය පැවසුවේ දැනට සෑම රටකම  දත්ත මගින්  පෙන්නුම් කරන්නේ දැඩි සත්කාර ඒකකයේ සිටින පුද්ගලයින්, දැඩි ලෙස රෝගාතුර වූවන් සහ මිය යන පුද්ගලයින් සැලකීමේදී ඔවුන් එන්නත් නොකළ අය බවයි. මම හිතන්නේ එය  පැහැදිලි කරුණක්. දරුණු රෝග හා මරණයෙන් ආරක්ෂා වීමට නියමිත එන්නත් කිරීම – එය අපගේ ඉලක්කය විය යුතුයි” ඇය පැවසුවාය.

විශාල එන්නත් සැපයුම් ඇති රටවල බූස්ටර ප්‍රයෝජනවත් නොවන නමුත් ද්විතියික බලපෑම් හෝ වෙනත් හේතූන් මත වුවද, සියයට 50 ක් දක්වා එන්නත් ලබාගෙන නොමැති රටවල්වල එන්නත්කරණය පිළිබඳව අවධානයට ලක් කිරීම වැදගත් බවය.  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වසර අවසන් වන විට සියලුම රටවල ප්‍රමුඛ ජනගහණය – වැඩිහිටියන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සහ සෞඛ්‍ය සේවා සේවකයින් – එන්නත් කිරීමට ඒජන්සිය බලාපොරොත්තු විය. නමුත් විශාල එන්නත් තොග ඇති පොහොසත් රටවල් බොහෝ මාත්‍රා ඒකාධිකාරී කර ඇත.

Exit mobile version