එන්නත් ගත්තේ නැත්තම් එලියට බහින්න තහනම්

covid vaccine

ඔස්ට්‍රියානු රජය විසින් එරට කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබානොගත් පුද්ගලයින් හට සංචරන තහනමක් පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම තහනම හෙට (14) බොහෝවිට ක්‍රියාත්මක වීමට ඉඩ පවතින බව ඔස්ටි්‍රයානු චාන්සලර් ඇලෙක්සැන්ඩර් ශැලන්බර්ග් විසින් සිකුරාදා පස්වරුවේ ප්‍රකාශකර තිබේ.

මෙම සංචරන තහනම එරට වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවන ඉහළ ඔස්ටි්‍රයාව සහ සැලස්බර්ග් යන ප්‍රදේශවල බලධාරීන් විසින් එළැඹෙන සඳුදා සිට අනිවාර්යයෙන්ම පැනවීමට තීරණය කර ඇති බවටද වාර්තවේ.


ඔස්ටි්‍රයාවේ සමස්ථ ජනගහනයෙන් සියයට 65ක ප්‍රතිශතයක් පමණක් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති අතර බටහිර යුරෝපයේ සෙසු රටවල් සමඟ සසදන විට එය අඩුම එන්නත්කරණ ප්‍රතිශතයක් වර්තාවෙන්නේ ඔස්ටි්‍රයාවෙනි.

මෙම තත්ත්වයට හේතුව වී ඇත්තේ එරට ජනතාව තුල එන්නත්කරණය සම්බන්ධයෙන් ඇතිව තිබෙන සැකය වන අතර ඊට දක්ෂිණාංශික පක්ෂය විසින් ගෙන යන ප්‍රචාරද යම් ආකාරයකින් බලපා ඇති බවට වාර්තාවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේවන විට ඔස්ටි්‍රයාවෙන් කොරෝනා ආසාදිතයිනගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම්කරන අතර ඔවුන්ගෙන් බහුතරයක්ම එන්නත්කරණයට ලක්නොවූ පිරිස් වන අතර ඉන් අසාද්‍ය තත්ත්වයට පත්වන අතිමහත් බහුතරයක් එන්නත් ලබානොගත් පිරිස වීමද විශේෂත්වයකි.

Exit mobile version