එජාප නායකත්වයට රුවන්ට කැළණි නාහිමියන්ගෙන් ‘නියත විවරණයක්’

“ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළ නායකත්වයක් ගන්න කාලේ හරි . සිංහල බෞද්ධ ජනතාවට පමණක් නොව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීම සඳහා සූදානම් වෙන්න“ යයි කැලණිය රජමහ විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් එක්සත් ජාතික පක්ෂයේ කැලණිය ආසනයේ සංවිධායක ධුරයට පත් රුවන් විජයවර්ධනට පවසා ඇත.

ආසන සංවිධායක ධුරයට පත්වීම වෙනුවෙන් සෙත් පතා කැලණිය රාජමහ විහාරයේ බෝධි පූජාවකට සහභාගී වු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පවසා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට ජනතාවට ඩී එස් සේනානායක ,ඩඩ්ලි සේනානායක පරම්පරාව සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයක් ඇති බවත්,අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නිහඬව මෙහෙවරක් ඉටුකළ ඩී.ආර් විජයවර්ධන මහතාගේ මුණුපුරෙකු ලෙසත් සේනානායක පරම්පරාවේ ලේ උරුමය ඇති තරුණ නායකයකු ලෙසත් රුවන් විජයවර්ධන මහතා පිළිබඳ විශ්වාසයක් ඇති බවයි.


Exit mobile version