එජාප කණ්ඩායමකට පාර්ලිමේන්තුවට එන්න පොහොට්ටුවේ පිරිසක් මන්ත්‍රී ධුර අත්හරිති!

දැනට පරාජිතව සිටින එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් කීප දෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් තම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස ඉල්ලා අස්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්  සමග සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන  එක්සත් ජාතික පක්ෂයට තනතුරු ලබාගෙන යෝජිත වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා එජාප නියෝජනයක් අවශ්‍ය නිසා මේ තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව රුවන් විජේවර්ධන, විජිර අබේවර්ධන. පාලිත රංගේබණ්ඩාර්, අකිල විරාජ් කාරියවසම්,  සාගල රත්නායක යන අය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.


ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය වහා අවම කර ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යෝජනා කළ කමිටුවට අයත් වූයේ මෙම කණ්ඩායමය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පියවර ගෙන ඇත්තේ  රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු කළ ඉල්ලීමකට අනුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ විසින් භාරගත්තේ භාරදූර කර්තව්‍යයක් ලෙස සලකා ඊට අවස්ථාව ලබා දීමට දැනටමත් පොහොට්ටුවේ ජාතික ලයිස්තු  මන්ත්‍රීවරුන් ගණනාවක් සිය ධුරවලින් ඉල්ලා  අස්වීමට කැමැත්ත පල කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

Exit mobile version